1935 වර්ෂයේදී පොල් අතු මඩුවක මෙම විද්‍යාලය ආරම්භ වුයේ වයි.ඒ.ඩි.මාර්ටින් අප්පුහාමි සහ වයි.ඒ.ඩි.සයිමන් අප්පුහාමි යන අයගේ පරිත්‍යාග ඉඩමකයි. පහළ යාගොඩ ශ්‍රී ගුණරතන නායක ස්වාමින් වහන්සේ සහ චාර්ලිස් විජේරත්න ගුරුන්නාන්සේ විසින් H අකුර හැඩති ගොඩනැගිල්ලට මුලික අඩිතාලම දමනු ලැබුහ. එකල පවතී මිෂනාරි ක්‍රමයට විරුද්ධව මෙම විද්‍යාලය ආරම්භ විය. විද්‍යාලයට ක්‍රීඩා පිටියක් නොතිබූ බැවින් 1962 වර්ෂය වන විට විජයානන්ද දහනායක මහතා විසින් වයි.ඒ.ඩි.සරපීනු අප්පුහාමි මහතාගෙන් (38 වන වගන්තිය යටතේ)අක්කර 2ක් ලබා දුනි. 1960 වර්ෂය දක්වා සිසුන් 1400 ක් පමණ මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇත.එවකට අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කල පී.බී.ජි.කළුගල්ල මහතා විසින් වැලිපිල්ලෑවේ එඩ්වින් කේ.ජයකොඩි මහතාට අයත්ව තිබු අක්කර 3ක ඉඩමක් පාසලට ලබා දී ඇත. මුලින්ම ඉදිකළ H අකුර ශාලාවේ ඉඩකඩ මදිවීම නිසා දෙමාපියන් ශිෂ්‍යයින් එකතු වී පොල් අතු සෙවිලි කර තවත් ගොඩනැගිල්ලක් සාදා ඇත. 1960 වලදී මෙම ගොඩනැගිල්ලට වහලයක් සකස් කර වැඩි දියුණූ කර ඇත. 2003 වර්ෂයේ දී එවකට ගම්පහ අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි නවරත්න මහතාගේ කාලයේදී H අකුරු හැඩැති ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීමට තැත් කර ඇතිමුත් විශ්‍රාමික ගුරුවරු ආදී ශිෂ්‍යයින්ගේ එකමුතුවෙන් මෙම ගොඩනැගිල්ලක් ලෙස සකස් කර තිබේ. එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වූ එස්.ඩි.බණ්ඩාරනායක මහතා විසින් H අකුරු ශාලාව හැර ඉතිරි සියලුම ගොඩනැගිලි ලබා දී ඇත.
චාර්ල්ස් විජේරත්න මුල් ගුරුතුමාගෙන් පසුව වේරහැර පෙරේරා මහතා මුල් ගුරුතුමා විය.ඉන්පසුව කරගහමුනේ පෙරේරා ලොකු මහත්තයා හෙවත් මුල් ගුරුතුමා විය.රත්නපුරේ ගුණදාස ලොකු මහතා 1951 වර්ෂය දක්වා සේවය කරන ලදී. ඉන්පසු විදුහල්පති ලෙස සේවය කලේ මාප ඩැනියෙල් මහතායි. ඔහු 1962 වර්ෂය දක්වා සේවය කර ඇත. ඉන්පසු පිටියේ ගෙදර ආර්.පි.විජේසිංහ මහතා විදුහල්පති ලෙස සේවයට පැමිණි අතර ඔහු කලා ගුරුවරයෙකු විය.මෙතුමා විසින් පාසැල් ගීය නිර්මාණය කර ඇත. 1963.01.01 දින ගමපහ ආසනයේ මහා විද්‍යාල 17 එක දිනයේ ආරම්භ කර ඇත.එවකට අධ්‍යාපන ඇමතිව සිටි බද්යුදීන් මොහමඩ් මැතිතුමන් සහ ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලෙස සේවය කල එස්.ඩි.බණ්ඩාරනායක මහතා මෙම කාර්යයට මුල් වූහ. එදින විශේෂත්වය වන්නේ එනම් 1963.01.01 දින ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලය හා ගුණරතන කණිෂ්ඨ විද්‍යාලය ලෙස විද්‍යාල දෙකක් බිහි වීමයි.එම අවධියේදී ඔරුතොට බැප්ටිස් පාසලේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය ද මෙම විද්‍යාලයට අනුයුක්ත කර ඇත.
එවකට ගුණරතන කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පති වුයේ කේ.ජි.යාගොඩ මහතයි. ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලයේ විදුහල්පති වුයේ ගම්පහ ඩි.සමරතුංග මහතායි.එවකට ගම්පහ මණ්ඩලයේ පාඨශාලා පරීක්ෂක වුයේ එච්.ධර්මවර්ධන මහතායි. 1963 ට පෙර මෙම පාසල රජයේ මිශ්‍ර පාසලක් ලෙස පැවතුණි.1962 වසරේ විදුහල්පතිව සිටි ඩැනියෙල් මහතා පාඨශාලා පරීක්ෂක ලෙස උසස් වීමක් ලබා යන ලදී.එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වුයේ ආනන්ද ගුරුගේ මහතායි. මහා විදුහලේ විදුහල්පතිව සිටි සමරතුංග මහතාගේ විශ්‍රාම යාමෙන් අනතුරුව එස්.මොහොට්ටි මහතා මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස පත් විය.ඒ සමයේ ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන් 40ක් පමණ විය. මොහොට්ටි මහතාගෙන් පසු ඉඹුල්ගොඩ ජිනදාස මහතා විදුහල්පති ධුරයට පත් විය.මෙම කාලයේ දී ඩැනියෙල් මාපා අරමුදල ආරම්භ කර ඇත.ජිනදාස මහතා 1977 වර්ෂය දක්වා සේවය කරන ලදී.ඉන්පසු මහා විද්‍යාලයේ විදුහල්පති වුයේ ජයවීර මහතායි.ඒ.එල්.එස්.පෙරේරා මහතා කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පති වශයෙන් පත්වුයේ කේ.ජි.යාගොඩ මහතාගේ විශ්‍රාම යාමෙන් අනතුරුවයි.
මෙම අවධියේදී පාසල් දෙක එකක් බවට පත් කරන ලද අතර සිසුන් සංඛ්‍යාව 300 ක් පමණ විය.වාසනා,ප්‍රීති ,සම්පත්,ලෙස නිවාස තුනක් ඇති කර නිවාසාන්තර මලල ක්‍රීඩා පැවැත්වූ අතර 1960,1961 සහ 1962 යන වර්ෂ වලදී ගම්පහ මණ්ඩල ක්‍රීඩා ශුරතාව මෙම විද්‍යාලය ලබා ගෙන ඇත.එසේම වොලිබෝල් අනුශුරතාව ද දින ගෙන ඇත. ඩැනියෙල් මාපා විදුහල්පතිතුමාගේ යුගයේදී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පස් වතාවක් ලංකාවෙන්ම වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයන් බිහි කර ඇත.එම අවදියේ පහ ශ්‍රේණියට ඉගැන්වීම් කටයුතු කරන ලද ගුරුතුමිය වුයේ ඒ.එන්.ඇඹුල්දෙනිය මහත්මියයි. එකල පැවති ප්‍රාරම්භ විභාගයෙන් ද (අ.පො.ස.සා/පෙළ) ලංකාවෙන්ම ඉහලම ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍යයින් ද බිහි වී ඇත. 1962 වර්ෂයේ විදුහල්පති ලෙස කටයුතු කර ඇත්තේ එච්. ඩබ්. රත්නායක මහතාය.එතුමා 1971 වර්ෂයේ දී විශ්‍රාම යන ලදී. ඒ අනුව1971 වර්ෂයේ සිට වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කරන ලද්දේ ජේ.ඩී .ජේ ජයමාන්න මහතාය.
1971 .02.31 දින ඒ. එල්. එස්.පෙරේරා මහතා නව විදුහල්පති ලෙස වැඩභාර ගන්නා ලදී.1973.02.06 දින පහලයාගොඩ සිරි ගුණරතන කණිෂ්ඨ විද්‍යාලය, ශ්‍රි ස්වර්ණපාලී මහා විද්‍යාලය සමග අනුබද්ධ කරන ලදී.එවකට උප විදුහල්පති ලෙස කුමාරසිරි මහතා කටයුතු කරන ලදී.1976.03.22 උප ගුරු ලෙස කටයුතු කල වයි.ඒ. ඩී . ජයසිංහ මහතාඋප ගුරු ලෙස කයුතු කල අතර පසුව 1978 ජේ.ඒ.එස් ජයකොඩි මහතා විදුහල්පති ලෙස වැඩ භාර ගෙන ඇත.1981.11.18 දින ක.වි. අබේගුණවර්ධණ මහතා විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී.1983.12.16 ක.වි. අබේගුණවර්ධණ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර එම ධුරයේ වැඩ වයි. ඒ.ඩී.ජයසිංහ මහතාට භාර දෙන ලදී. 1984.01.26 එච්.එම්.ඇල්බට් මයා නව වසරේ විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලද අතර වයි.ඒ.ඩී ජයසිංහ මහතා නියොජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරන ලදී.මෙම කාලය තුළ පාසලේ ගුරුවරු 8 දෙනක් පමණක් සේවය කර ඇත.1988 වන විට පාසල් ශිෂ්‍ය සංඛයාව 209 ක් වූ අතර ආචාර්‍ය මණ්ඩලය 10 කී. එවකට විදුහල්පතිව සිටී එච්.එම්.ඇල්බට් මහතා 1991.01.01 දින විශ්‍රාම යන ලද අතර එදිනම එල්.ආර්.ජිනදාස මහතා විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී.ඒ වන විට ආචාර්‍ය මණ්ඩලය 17 කී.1991.06.25 දින ඇමති සුරනිමල රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්/ ගුණරතන කණිෂ්ඨ විද්‍යාලය, යගොඩ ස්වර්ණපාලී මහා විද්‍යාලය ලෙස නම් කිරීමට අනුමැතිය ලබා දුනි.
1997.01.12 වන දින එල්.ආර් .ජිනදාස මහතා මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලයට විදුහල්පති ලෙස පත් කර යැවිම නිසා ඩබ්. ඒ. ඩී.එස්. අබේසිරි මිය (එවකට නි. විදුහල්පතී තවාකලිකව විදුහල්පති ලෙස කටයුතු කර ඇත.1997.01.11 දින කේ.ඒ.සමරපාල මහතා විදුහල්පති ධූරයට පත් කරන ලදී. නී.විදුහල්පති ඩබ්. ඒ. ඩී.එස්. අබේසිරි මිය වේ. පසුකාලීනව ඇය විදුහලපති ධූරය හොබවා ඇත.2010.02.03 මීගමුව කලාපයේ අධ්‍යාපන කාර්‍යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික) වැඩ භාර ගෙන ස්වර්ණපාලී විද්‍යලයෙන් ඉවත් වී නි.විදුහල්පති පුජ්‍ය ඕ දමයන්ති භික්ෂුණීන් වහන්සේ හට වැඩ භාර දෙන ලදී. 2010.05.04 දින ඩබ්. පී. චන්ද්‍රලතා මහත්මිය වැඩ භාරගන්නා ලදී.2011.01.15 විද්‍යාගාරය සිසු අයිතියට පවරන ලදී.එදින රුවන් රණතුංග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද, ගරු නියෝජය අමාත්‍ය පණ්ඩුභණ්ඩාරනායක මැතිතුමා බප ගරු සුනිල් විජේරත්න ප්‍රමුඛ පළාත් සහා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද සහභාගී වී ඇත. මේ වන විට පාසලේ ගුරු මණ්ඩලය 20 කී.2012.12.31 විදුහල්පති ඩබ්. පී. චන්ද්‍රලතා මහත්මිය ගම්පහ කලාප අධ්‍යාපන කාර්‍යලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට පත්කර ඇත. එම ස්ථාන මාරුව නිසා එම්.ඒ.ඕල්ටන් ප්‍රඥාතිස්ස මහතා විදුහල්පති ධූරයේ වැඩ භාරගන්නා ලදී. 2016.04.29 වන දින පීපල්ස් ලීසිං ආයතනය මගින් පාසල් සංවර්ධනය සදහා අනුග්‍රහය ලබා දී ඇත. ඒ අනුව 2016.10.07 වන දින ඉංජිනේඅරු කාර්‍යාලයෙන් පැමිණ රු. ලක්ෂ 20 න් කළහැකි අලුත්වැඩියා සොයා බලා පුස්තකාලය හා විදුහල්පති කාර්යාලය සංවර්ධනය සදහා වැඩ කටයුතු පවරන ලදී.
2016.10.10 වන දින පුස්තකාලය හා විදුහල්පති කාර්යාල ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන ලදී. 2017.01.25 "ලගම පාසල හොදම පාසල" වයාපෘතිය යටතේ විදුහල්පති නිල නිවසය සදහා මුල් ගල තැබීම බස්නාහිර පළාතේ ගරු සභාපති සුනිල් විජේරත්න මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා ,හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන්,අතිගරු ජනාධිපතිතුමන්ගේ විශේෂ දායකතවයෙන් මුල්ගල තැබීම සිදුකර ඇත. 2017.03.18 ප්‍රාථමික බුදුමැදුර සෑදීම සදහා මුල් ගල තැබීය.2018.03.26 දින එච්.ඩබ්.තමරා දයානි මහත්මිය බප/ගම්/ගලහිටියාව හේමමාලා මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති ධූරයේ සිට බප/ගම් ශ්‍රී ස්වර්ණපාලී මහා විද්‍යාලයට නියෝජය විදුහල්පති ධූරය ලබාගනිමින් රාජකාරි කටයුතු භාරගෙන ඇත.2019.02.01 විදුහලේ වසර හයකට අධික කාලයක් සේවය කල එම්.ඒ.ඕ. ප්‍රඥාතිස්ස මහතා විශ්‍රාම ගැනීම නිසා පාසලේ විදුහල්පති රාජකාරී කටයුතු එච්. ඩබ්. තමරා දයානී මහත්මියට පවරන ලදී.
2019.07.17 අතිගරු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමගේ මග පෙන්වීමෙන් ගරු අධ්‍යාපන අමාතය අකිල විරාජ් මැතිතුමගේ සංකල්පයට අනුව “ලගම පාසල හොදම පාසල ”වැඩසටහන යටතේ ශ්‍රී ස්වර්ණපාලී මහා විද්‍යාලයේ ගුරු නිවාසය අජිත් මානප්පෙරුම මැතිතුමාගේ අතින් විවෘත කරන ලදී.මේ වන විට ගුරුභවතුන් 23 දෙනෙකු රාජකාරියේ යෙදෙති.2020.12.27 සුහුරු පන්තිකාමර දෙකෙහි වැඩ අවසන්ව පන්ති කාමර පරීක්ෂා කර බලා යතුරු භාර දෙන ලදී. 2021.01.08 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ලකුණු ලබා ගැනිමට සිසුන් කිහිප දෙනෙකු සමත් විය. 2023.04.24 දින එක් සුහුරු පන්තිකාමරයක නව පරිගණක පන්ති කාමරය සකස් කොට සිසු අයිතියට පවරන ලදී..
|
ආරම්භ කළ වර්ෂය |
1935 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
චාල්ස් විජේරත්න මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
චාල්ස් විජේරත්න මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
පහලයාගොඩ ශ්‍රි ස්වර්ණපාලි මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
චාල්ස් මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1963.01.01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පහලයාගොඩ |






