බප/ගම්/ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලය

බැති ගී සරණිය -2024

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

විනීතා මදනායක මිය

"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" "ධර්මයෙහි හැසිරෙන්නා ධර්මයෙන්ම රකී"

   අප පාසලේ දරුවන් අප නිතරම මෙහෙයවනු ලබන්නේ ගුණදම් පිරි දරු කැලෙක දැයට දායාද කිරීමේ එකම අභිලාෂයෙනි.තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කළ පරිදි දහම් කතිකාවතක  අප පාසල ගමන්  කරයි. සතිමත් දරුකැලක්  එහි මූලික තේමාවයි. මේ තේමාව ඔස්සේ පාසල ආරම්භයේ සිටම  විෂය බාහිර මෙන්ම  විෂය සමගාමී කටයුතු සංවිධානය කර ඇත.දරුවන්ගේ  කායික මානසික  සංවර්ධනය වෙනුවෙන්  කළ හැකි උපරිම ක්‍රියාමාර්ග අප පාසල  දියත්කරයි. සෑම මාසයකටම  අදාලම දරුවන්ට සතුට සැනසුම ලබා දෙන වැඩසටහනක් වාර්ෂික ලිතේද යොදා ගනිමින් සිදුකරයි. මේ සඳහා අප  විදුහල්පතිතුමිය තමරා දයානී මහත්මිය ලබා දෙන පූර්ණ  සහයෝගය වටිනාකම කියා නිමකළ නොහැක. අපට සිත් පරිදි නිදහසේ වැඩකටයුතු කරගෙන යාමට ඉඩහසර ලබා දීම නිසා සෑම කටයුත්තක්ම සාර්ථක වී ඇත.

    ඒ අනුව මෙවර පුස්තකාල පාඨක සමාජය විසින්  සංවිධානය කරනු ලැබූ බස්නාහිර පළාතේ හොඳම  ව්‍යාපෘති නවය අතරට  අප පාසල ද තේරී පත්විය. එපමණක් නොව හිසට සෙවනක් සිතට සතුටක් ව්‍යාපෘතිය යටතේ අප පාසලේ නිවසක් නොමැති දරුවෙකුට නිවසක් තනා දීමට අපට හැකි විය.පොත්පත්,සපත්තු, පාසල් උපකරණ මෙන්ම පෝෂණ මලුද දරිද්‍රතාවයෙන් පෙළෙන දරු පිරිසකට දීමට හැකි විය.පාසලේ දරුවකුගේ මවකට( ගර්භනී )අවශ්‍ය සියලු දෑ අප විවිධ ව්‍යාපෘති මඟින් උපයා ගත් දෙයින් ලබා දුනි.  (මේ අප කරනා මෙහෙයෙන් බිඳකි.)

                  අවසන් වශයෙන් අප ස්වර්ණපාලි විදුහල් මාතාවට සහ එහි දරුවන්ට  ආශිර්වාද කරමු  ලකබරේ  බැබලෙන පාසලක් වනු පිණිසයි.

 

ස්තුතියි !                                                                                                               

විනීතා මදනායක මිය
නියෝජ්‍ය විදුහල්පති
ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලය.